Monday, August 7, 2017

ගියක අරුත


ගීතය


හැම තැනම මරු වැල්ය - නුරා  නෙතු ගිණි දැල්ය

ආත්මය පරඩැල්ය       - පයින් යන පොරවැල්ය

හෝ හෝ ..................

විඩා පිරි මුව වල්ය     - හිඟා  කන අතවැල්ය

අත නොපා අත පාන   - සිනා නැති පොරවල්ය

හෝ හෝ ..................


ඇට පැහුනු  ඇගවල්ය - රහට කන බඩවැල්ය

වේලකට හාල් පොල්   - අරන් යන පොරවල්ය

හෝ හෝ ..................


මග දෙපස කොඩි වැල්ය - මුව සිනහ මන ලොල්ය

ගාඞ් පිට ඇමතිවරු     - ඇදෙන හැටි ආතල්ය

හෝ හෝ ..................




“මිනිසා විසින්  සාක්ෂාත් කරගනු ලබන උත්රීතර මිනිස්  හැඟම් සහෘදයන්ට බෙදා දෙන්නේ සහ සම්ප්‍රේෂණය කරන්නේ  කලාව මිඟිනි . ” යනුවෙන් ලියෝ තෝල්ස්තෝයි ප්‍රකාශ කර තිබේ . කලාවේ අවශ්‍යතාවය වන්නේ එයයි  . ගීතය වූ කලී එකී කලා මාධ්‍ය පෝෂණය කරන සුවිශේෂි  අංගයකි .

ගීතය පරිරිපර්ණ වන්නේ ගී පද මාලා වල සංගීතය හා ගායනයේ සුසංයෝගයෙනි . අධ්‍යතනයේ  බොහෝ ගීත සඳහා අලංකෘත පද මාලාවක් නොමැත. නමුත්  එය එසේ  යැයි  සෘජුව කීමට නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කල   නොහැක. මන්ද පදවැල් යනු ගීතයක් රසවිඳීමට බලපාන එක් සාධකයක් පමණක්        වන   බැවිනි.


ගීතයට හිමි සාහිත්‍ය අන්තර්ගතය වන්නේ ගී පදමාලාව තුළයගමිනිස් කටහඩින් ගයනු ලබන්නේ ගීත පදමාලාව යගරමණීයලකමණීයලසවනීය වචන ආකර්ශනීය ආකාරයෙන් ගළපමින් කිසියම් සිද්ධියක් ල තත්ත්වයක්ලඅදහසක් හෝ ඉන් කොටසක් චිත‍රණය කිරීම ගීත රචනය තුළදී සිදු වේගගීත රචනයේ බාහිරෙන් තිබෙන මෙම රසාලිප්ත බව තුළ සැගවුණු දර්ශනයක් ගීතයේ  අභයන්තරයෙන් තිබීම ද ගීතය පරිපූර්ණත්වයට පත්වීමට අත්‍යවශ්‍ය වේගඑහි දර්ශනය තුළින් ලෝකයලජීවිතයලසමාජය යනාදී ප‍්‍රපංචයන් හදුනා ගැනීමට ශ්‍ර‍ාවකයාට අවකාශය සැළසේගගී පද රචකයෙක් සතුව සහජ ප‍්‍රකාශන ශක්තිය ලභාෂා නෛපුණය හා ගීතමය ගුණය යනාදී ගුණාංගයන් පැවතිය යුතු වේගගීත රචකයෙකුගේ සංකල්පනාව අර්ථ රසයෙන් සේම ශබ්ද රසයෙන්ද පෝෂණය විය යුතු යග

 කිසියම් පුද්ගලයෙකු ගීතයක් රචනා කරනු ලබන්නේ එම පුද්ගලයා ගේ  ජීවිතයේදී හමු වූ රස මුසු තැන් අත්දැකීම් ලෙස සලකමිනි.  ගීතය  ගත් විට ආදරය , විරහව , විරෝධය , විනෝදය, සතුට යන ආදි විවිධ අදහස් පදනම් කර ගෙන රචනා වී ඇති ගීත අප්‍රමානය. මෙම පරිච්ඡේදය තුළින්  මා සැළකිල්ලට බඳුන් කරනුයේ  සමාජයේ විරෝධාකල්පය වස්තු කොට ගනිමින් රචනාවට පාත්‍ර වූ ගීතයක් විචාරයට ලක් කිරීමයි.

සිංහල සාහිත්‍ය ආම්භයේ සිට මේ දක්වාම රචනා වූ ගීත කාව්‍ය ආදි අංගයන් නිරතුරුවම සංයමය අගය කල බව පෙනේ. ඒ නිසාම බොහෝ නර්මාණ බිහි වූයේ  ඉතා අලංකාර මෙන්ම ආකර්ෂණීය සහ යටි අරුත් පෙළක් රුගත් වචන සමූහයකිනි. එබවින් එවැනි ගී තුලින් ශ්‍රාවකයා ආර්ෂණය කර ගැනීමට සමත් වනු ඇත. එවැනි ගී සැමවිටම අගය කෙරුනු අතර බොහෝ උසස් යයි සම්මත  විචාරයන්ට ලක්විය. එසේ රචනා වූ ගීත සම්භාව්‍ය ගනයේ ගීත යැයි  අගය කරීරීම සැමැන්‍ය විය. සිංහල ගීත රචනය තුළ දක්නට ලැබුනු මේ වැදගත් යැයි සම්මත ගීත රචනා ශෛලියෙන් බැහැර වූ තරමක් අශචීල හො අසංවර හෝ ගීත ද නැත්තේම නොවේ. එවැනි ගීත සඳහා ද ශ්‍රාවකයා මනා රුචිකත්වයක් දක්වනු ලබයි. පැණි කොමඩු  ගෙඩිය , ලතා ලතා බුරියානි හාල් වැනි ගීත හදු ශබ්ද රසය උපදවන තරුණ පරපුරට පමණක් රසාස්වාදය වන එතරම් උසස් ගත හැකි නිර්මාණ නොවේ. එහෙත් ඒවාද සමාජයේ කිසියම් කොටසක් මහත් ආනන්දයට පත් කල ගීත වේ. මේ දෙයාකාරයේම ගීත වලට වඩා වෙනස් මුහුණුවරක් ගත් ගීතයක් ලෙස “ හැමතැනම මරු වැල්ය ” යන ගීතය පෙන්වාදිය හැකිය. මෙම ගීතය රචනා කිරීම හා සංගීතය චින්තක ගීත දේව තරුණයවිසින් සිදු කරන ලදි. ඔහු සමාජය දැක ඇත්තේ   වෙනස්ම ආකාරයටය .  සමාජයේ  සදු වන අසාධාරණය , ගැටළු ඔහුගේම පද වැල් තුළින් ගිටාරයේ තනු අතරට ගෙන ඒමට තැත් කරයි’ .

        මෙම ගීතය භාවිතා කරන්නේ ජැමෙයිකානු ජාතික බොබ් මාලිගේ රෙගේ සංගීතය වැනි ආරකින් එන අලංකාර රිද්මයකිනි. සමාජයේ පහළම ස්ථරයේ සිටින රසතියාදු කාරයෙකුගේ රස්තියදු ස්වරූපයෙන් මෙන්ම රස්තියදු වචන ද මෙහි ගැබ්වී ඇත .  නමුත් මෙවැනි ගීත සංගීත ක්ෂේත්‍රයේ සිටින ඇතැම් ප්‍රවීනයන්  උපහාසයට ලක් කරන අතර එම ගීත සමාජයට නොගැලපෙන බව පවසා විවේචනය කරනු ලබයි. එය පුද්ගල ආකල්පය  අනුව විවිධත්වයක් ගනු ඇත.  මේ සම්බන්ධ අපක්ෂපාති විමසුමක නිරත වූ විට අවධාරණය වන්නේ උගත් සමාජය මෙවැනි ගීත වැළඳ නොගන්නා බවයි . සමාජය විසින්  ප්‍රතික්ෂේප කරන ලද යම් අදහසක් ආකල්පයක් විරෝධකල්ප ගීත තුලින් ප්‍රකට කෙරේ.  කෙසේ නමුත් මෙවැනි ගීත සමාජයේ යථාර්තය කතා කතා කරයි’ . අඳුරු අහුමලු අත පත ගාමින්  සමාජ අසාධාරණය ,  පක්ෂපාති දේශපාලනය යෞවන නෙත් විවර කරමින්  තෙපලන වදන් ගිටාරයේ   අතරට ගෙන එයි .

        මා විසින් තෝරා ගනු ලැබූ මෙම ගීතය තුළ උපහාසය මෙන්ම සමාජීය වේදනාව ද  ගැබ්  වීවී ඇත්තේ අපර්වාකාරයෙනි .

“හැමතැනම මරු වැල්ය ”

“නුරා නෙතු ගිණි දැල්ය ”

සමාජය එක හෙලාම විවරණය නොකරන , එහෙත් සමාජයේ එක් පැති කඩක් මේ තුළින් හැඟවේ.     “ මරුවැල්  ” යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ  වෙසඟනන් පිළිබඳවය  . ඔවුන් මරුවැල් වැනිය .  සවස් යාමයක කළුවර වැටුනු විට මහ මඟ  මෙම මරුවැල් වන් නළඟනන් දසත විසිරී ඇත . සිනාසෙක කිසිවෙකු හදවතින් සිනා සේ යැයි අපට ප්‍රත්‍යක්ෂ කල නොහැක . රාත්‍රියේ මඟ දෙපස සිටින නලඟනන් සිනා මුසු මුහුණින් කාසියට අත පානුයේ දහසකුත් ප්‍රශ්න වලට විසඳුමක් සොයන අටියෙනි .

        “ආත්මය පරඩැල්ය ”

“පයින් යන පොරවල්ය ”

රාගය ළඟ  ආතිමීයව ඇද වැටුනු   මිනිසුන් පිළිබඳව නිර්මාණකරුවා කතා කරයි. එහෙත් ඔවුන් පයින් යන්නවුන්ය . සැප වාහන වල   සුපිරි හෝටලයකට  ගොස් රජ සැප විඳීමේ වත්කමක් මොවුන්ට නැත. සාමාන්‍ය පරිදි එදා වේල හරි හම්බ කරගෙන යැපෙන ඔවුන්ට රැක ගන්නට තරම් ආත්මයක් නැත. එබැවින් කිසිඳු අභිමානයක් නැති පරඩැල්ව ගිය ආත්මයෙන් ඔවුහු ඉහත කී සුරාවෙන් දැවෙන මරුවැලේ පැටලෙයි.  “පොරවල්ය ”යන වචනය  සමාජයේ පවතින රස්තියාදු කාර සමාජයේම පවතින වචනයකි. ඉන් අදහස් වන්නේ මහපාර නිවස කරගත් හෙටක් නැති මිනිසන් ගැනය .


“විඩා පිරි මුවවල්ය     -  හිඟා කන අතවල්ය ”

“අත නොපා අතපාන   - හිනා නැති පොරවල්ය ”


දෙවන පද අතරට අප උකුසු ඇස සහ හා කන් යොමු කර බැලූ විට සමාජයේ තවත් එක් පංතියක් ඒ තුළින් නියෝජනය වන බව තහවුරු වනු ඇත. සමාජය එක කාසියකින් බෙදා වෙන් කල හැකිය . ඒ තුළින් සැප මෙට්ට්ටයක නිදන පිරිසට සාපේක්ෂව අපට මෙන්ම ඔවුනට ද ඇති දිනෙන් දින දිරාවට පත් වන කුණු කය ගල් වැලි බොරළු මත හිස ලා නින්ද පතන පිරිස  බොහෝය.  ඇඟලා ගැනීමට වැරහැල්ලක් නැති මිනිසුන් අපමණය .  සිය දරුවාට තම ලේ කරි කර පොවන්නට තරම්  වත්කමක් එකී  මිනිසුන්ට නොමැත . උදේ සිට සවස් වන තෙක් ටයි සාරි හැඳ ගත් මිනිසුන්ගෙන්  කාසි යදින අහිංසක මිනිසුන්ගේ  මුහණ රචකයාගේ හදවතට කථා කරයි . ඔවුහු කුමක් හෝ යදිති’ .ඔවුන් දෑත් එක් කොට යදිති . එහෙත් යම් ප්‍රමාණයක හෝ සැප සම්පත් උරුම මිනිසුන් පවා යමක් යදිති. ඔවුන් ද අත නොපා අත පායි. හිඟන මිනිසෙකු මහමග ගයන ගීතය කාර් බාර් වල යන මිනිසුන්  සවන් යොමු කර අසා සිටින්නේ ඔවුන්ගේන් සතුටක් යදින ආකාරයෙනි. මේ අනුව කාසියට අත පානා මිනිසුන්ගේත් තම දිවියට සතුට අයදින මිනිසුන්ගේත් කිසිඳු වෙනසක් නැත. දෙගොල්ලන්ම හිඟා කති .  සිනහවෙන්  මිලක් අය කරන්නාක් මෙන් මිනිසුන් සිනා සෙනුයේ අවාරෙට ය. නමුත් ඔවුන්ට සිනා සීමට ඇති හේතුව කුමක්ද ? සත්‍ය වශයෙන්ම ඔවුන්ට ජීවිතයක් ඇත. නමුත් ජීවත් වීමට වරම් නැත.

“ඇට පැහුනු ඇගවල්ය - රහට කන බඩවැල්ය”

“වේලකට හාල් පොල් - අරන් යන පොරවල්ය ”

රචකයාගෙන් සැබෑවට නිරූපණය වන්නේ සත්‍ය වේදනාවකි. එය වචන මනාවට උද්දීපනය කරයි.  මැක්ඩොනල් යන පීසා කන සුපිරි තරු පහේ හෝටල් වල සැප මෙට්ට වල නිදි සුවය විඳින බොහෝ මිනිසුන් ගේ කුස සැම විටම පිරී ඇත. මුවට පංච රසයන් ලබා දෙන අද ලංකාවේ පිරිවරා ඇත. එනමුත් ඊට සාපේක්ෂව ඇට පෑදී ගිය සිරුරු අනන්ත අප්‍රමාණ බව රචකයා රිද්මයට මුසු කරයි.  කුඩා දරුවන්ගේ ශරීර ඇට සැකිලි මෙන්ය . ඔවුන් දිනකට එක් වේලක් පමණක් ආහාර ගනියි. සමාජය පංති භේදය ප්‍රතික්ෂේප කරනු ලැබුවද  මෙම ගීතයෙන් කියවෙන්නේ සමාජයේ මිනිසුන් විසින්ම සිදු කරන ක්‍රියාවන් තුලින්  පංති භේදය ඇති වන බවයි.  පාන් පෙත්තක් කෑමට තරම් වත් කමක් නොමැති   මිනිසුන් අප සමාජයේ සිටිනා බව ගීතය තුළින් විදහා දක්වයි.  ලස්සන පිරිපුන් සිරුරු පමණක් නොව ඇට ගැසුනු කෙසඟ ශරීර පවා අප වන්ම ජීවිතයක් ගත කරන බව සමාජයට දැනුම් දීමක් පවා සිදු කරනු ලබයි.  රජ සැප විඳිනා දේශපාලඥයන්  ඒ සැප විඳින්නේ  දුගී දුප්පත් ජනතාව නිසා බව ඔවුන්ට අමතක වී ඇත.  සමාජයේ සිදු වන මෙම අසාධාරණය වචන පෙලක් අමුනා ගීතයකට ගොනු කර ඇත. එදා වේල පමණක්  සරි කර ගන්නා මිනිසුන්  එදා වේල ගැට ගසා ගැනීමට  හාල් පොල් ණයට ගෙන ජීවත් වෙයි. ඔවුන්ට හිමි වූ ජීවිතය දරු පැටවුන් ද කර පින්නා ගෙන ගොඩ යෑමට එදිනට පමණක් හම්බ කරන සොච්චම් මුදල ප්‍රමාණවත් නැත. මිනිසෙකු  රාජ මාළිගයක හිමියෙකු හෝ ලෑලි නිවසක හිමි කාරයෙකු වන්නේ උපතින් නොවේ.  කෙසේ නමුත් සැප විඳින සල්ලි හූරන් කන දේශපාලකයන් කෙරෙහි වේදනාවෙන් තරහවෙන් මෙන්ම උපහාසයෙන් ද යුතුව රචකයා තෙලි තුඩ හසුරුවා ඇත.

“මග දෙපස කොඩි වැල්ය ”

“මුව සිනා මන ලොල්ය ”

මග දෙපස දේශපාලනික පාට පාට කොඩි වැල් ඔවුන් ඇස ගැටෙයි. එහි ලොල් බවට යෑම සැබවින්ම මරු විලක පැටලීමක් වැනිය. රාගයෙන් දැවෙන දෙනෙත් වලින් යුත් මේ මරුවැල් කියා සිටින්නේ ද එසේම සුරාවෙන් දැවෙන මිනිසුන් ගැනය.  සමාජයේ  විසඳිය යුතු ගැටළු කොතරම් තිබේද? එනමුත් මෙරටේ පාලකයන් නටන පිස්සුව කුමක්ද ? ඔවුන් කෝටි ගණනක් වටිනා වාහන ජනතා මුදල් වලින් ගෙන්වනු ලබයි. නමුත් වාහනයකට වඩා මෙරටේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වත් හැකියාවක් නොමැති  මිනිසුන් කොතෙකුත් සිටිත් ද?  එකම පාට ලේ ඇති මිනිසුන් ජාති පක්ෂ භෙද කුමකටද ?  නමුත් ඉහළ පෙලේ මිනිසුන් සිදු කරනුයේ දුප්පත් මිනිසා තව තවත් පහතට හෙළීම මිසෙක ඔවුන් ට අත දී නැගිටුවා ගැනීම නොවේ .

“ගාඞ් පිට ඇමතිවරු ”

“ඇදෙන හැටි ආතල්ය”


ගීතයේ මීළඟ වදන් පෙළ සනිටුහන් කරනුයේ දෙපයේ වැලි කැටයක් වත් නොගෑවෙන මිනිසුන් පිළිබඳය. පීඩිත මිනිසුන් සහිත සමාජය මැදින් ඇමතිවරු සැරි සරන්නේ කුඩා දරුවෙකු ආරක්ෂා කරන්නන් ලෙසය. එක් පුද්ගලයෙකු ගේ අවශ්‍යතාවයක් නිසා බොහෝ දෙනෙක් දුක් විඳිති.  ඇමතිවරයෙක්  ගමන් කරන විට එය නරඹන පිරිසට පෙරහැරක් නරඹන්නාක් මෙන් ප්‍රීතියක් ලැබේ.  රස්තියාදු කාර වචන වලින් එය ප්‍රකාශ කරයි. එනම් “ආතල්ය” යන තරුණයන් අතර ඇති වචනය භාවිතා කොට ඇත. බලා සිටිනන් ට ද එම දර්ශනය රස කර බලති.  තරමක් රළු වචන , වැදගත් වැදගත් සමාජය භාවිතා නොකරන සමහර වචන තිබුණ ද එහි සමාජය තරමක්  කඨෝර බවක් පෙනුන ද එහි අපූර්ව රසයක් මෙන්ම සමාජ කථනයක් හා පණිවිඩයක් ද එහි ගැබ් වී ඇත.

හුදෙක් මෙම  ගීතයෙන් පංති භේදය සමාජ අසාධාණය කෙරෙහි වැඩි අවධානය යොමුකර ඇත. සමාජය විසින් පංති භේදය  ප්‍රතික්ෂේප කරනු ලැබුව ද මෙම ගීතය තුලින් පිළිබිඹු කරනුයේ සමාජ ගැරහීමකට ලක් වන දුගී දුප්පත්  මිනිසුන් තැනය .  චින්තක ගීතදේව  නැමැති රුඩිකල් වාදි තරුණයා විසින් රචනා කර , සංගීතවත් කර ගායනා කරනු ලබන මෙම ගීතය  විරෝධාකල්ප ගීතයක් ලෙස මම දකිමි. මන්ද ඒ තුළින් සමාජ අසාධාරණයක් පිළිබඳ කථා කරන බැවිනි.






1 comment:

  1. මෙවැන ගීත විචාර සඳහා වූ බ්ලොග් අඩවියක් තියෙනවා. වෙලාවක් ඇතිනම් බලන්න..

    http://masandumal.blogspot.com/

    ReplyDelete