Wednesday, August 9, 2017

රටට වුණු විනයක්

මේ දිනවල රටේ තත්ත්වය එතරම් හොඳ මට්ටම ක ඇතැයි සිතිය නොහැකිය .ගොඩනැගිලි කඩා වැටීම් , ගංවතුර , හේතුවෙන් රටේ ජනතාව ට දැඩි අපහසුතා ඇති වි ඇතැයි ඔබ අප දන්නවා .නමුත් අද රටේ මෙපමණ ගැටුම් තිබුණද පාලකයන් ගේ හැසිරීම ජනතාව ගේ සුබසාධනය වෙනුවෙන්  සර්ව සාධාරණත්වයක් ඉටු වනවා දැයි ගැටලුවක් ....
ඉහළ පෙළේ අනුදැනුමෙන් ඔවුන්ගේ වාසිය තකා  ගොඩනැගිලි අහස උසට නැඟුණා ..නමුත්  එහි වැලි කැටයේ  සිට සෑම  අස්සක් මුල්ලක් නැරම අහිංසක ලේ කඳුළු බිමට වැටුණේ වාසිය තකා වැඩ කරන  නරුමය න් නිසාවෙන්ම ය...
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ...ඒ වදන සවනත ගැටුණු වාර අපමණය ...නමුත් මිනිසුන්ගේ අමන වැඩ නිසාම සොබා දහම උරණ වි ඇතැයි මට සිතේ ..
දේශපාලකයන් යනු කවුරුන්ද ? දේශය සහ එකී දේශයේ මිනිසුන් රැක ගන්න පිරිසයි .. එනමුදු දේශයට විනයක් ඇති කරන්නේ මොවුන් මය..
දේශයේ බෙහෙත් පිට රටට විකුණා පිටරට ට කාසි දි  විස ආහාර ගෙන්වා ගෙන ඒ තුලින් හැදෙන ලෙඩ සඳහා නැවත බෙහෙත් ගෙන්වාගෙන පිටරට මුදල් පසුම්බිය සරු කරයි ....
පාලකයන් මෙන්ම රටේ ජනතාව ද මේ සඳහා නැගී සිටීම ලංකා මාතාව ගේ ආරක්ෂාව සනිටුහන් කරනු ලබයි ....

1 comment: