Monday, August 7, 2017

කෝලම් නාටකය




ඉන්දීය ජනශුතියෙන් ආභාෂය ලත් ගැමි නාටක සිහල කලා කෙත පෝෂණය වේ යැයි ජනශුතියේ සඳහන් වේ.ලාංකිය ගැමි ජනතාවගේ ගැමි සමාජයේ සංස්කෘතිය විදහා දැක්වීමට ගැමි නාටක බෙහෙවින් ඉවහල් වී ඇත.ගැමි නාටක අතර සොකරි, කෝලම් ,නාඩගම් , රූකඩ යන ආදිය පෙන්වා දීම නිවැරදිය .එ අතුරින් කෝලම් නාටකය හෙල සාම්ප්‍රදායික සමාජයේ සුවිශේෂත්වයක් උසුලන බව කරුණු අධ්‍යනයේදී ගම්‍යමාන වේ.මෙකී අධ්‍යනය තුලින්, කෝලම් යන්නෙහි අරුත,කෝලම්හි කථා පුවත,කෝලම් පැවැත්වීමට හේතු,කෝලම් වර්ගීකරනය, කෝලම් පරම්පරා සහ සාම්ප්‍රදායික සමාජ අනුව බෙදීම්, කෝලම් නාටකයේ සමාජ නිරූපනය,වර්තමාන තත්වය යන ආදි කරුණු කාරණා රාශියක් සාකච්ඡා කිරීමට අරමුණු කර ගනී.

                       

කෝලම් පිළිබඳ අධ්‍යනයේ යෙදෙන විට එය ඉන්දියානු ආභාෂයෙන් උපත ලද්දකි.කෝලම් කතා පුවත ද ඉන්දියානු ආභාෂය ලද්දකි.එය මෙලෙස විග්‍රහ කල හැකිය.ඉන්දියාවේ මහා සම්මත රජුගේ බිසව නැටුම් සිනා කෙළි දැකීමට උපන් දොළදුක් හේතු කොට ගෙන කෝලම් නැටුම් උපන් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. වෙනත් කිසිම වර්ගයක නැටුමකින් සතුටු කළ නොහැකි වූ රජ බිසවගේ දොළදුක සංසිදු වීම ගැන රජු මහත් සේ තැවෙන්නට විය. මෙම ආරංචිය සැලවූ සක්දෙවි රජුගේ පඬුපුල් අස්න උණු වී ඒ සඳහා කළ හැකි උපකාරයක් වශයෙන් එක් රාත්‍රියක රජුගේ මඟුල් උයනේ වෙස් මුහුණු කිහිපයක් තබන්නට ඇත.පසුදා උදෑසන රාජ සේවකයන් විසින් මේ කෝලම් මුහුණු ඒ බව රජුට සැල කිරීමෙන් අනතුරුව නළුවන් ලවා මේ මුහුණු බැඳගෙන නැටිමට සලස් වන ලදි . මේ ආකාරයෙන් කෝලම් නැටුම් වල ආරම්භය සිදු වූ බවත් එයින් රජ බිසවගේ මනදොළ සංසිඳ වීමට හැකි වූ බවත් කෝලම් උපතේ කියවේ.

                       

කෝලම් රුඟුම් හැඳින්වීමට සාම්ප්‍රදායික සමාජයේ එකම වචනයක් භාවිත කිරීමේ සිරිතක් නැත. කෝලම් නාටකය නැරඹීමට යන බොහෝ දෙනෙකු“හෙට අම්බලන්ගොඩ කෝලම්තියෙනවා යමුද බලන්න, අපි මිරිස්ස කෝලම් බලන්න ගියා ”යනුවෙන් කථා බස් කරයි. බොහෝ ග්‍රන්ථ වල කෝලම්  නෘත්‍ය කෝලම්  නෙර්ථය ’යන හැඳුනුම් පද සටහන් තබයි. නෘත්‍යය, නෙර්ථය යන පද සංස්කෘත නාට්‍ය විචාර  ග්‍රන්ථ වල  “නෘත්‍ය”බිඳ ගත්සේ සලකයි. නමුත් මෙම කෝලම්  නාටකයක් මිස නැටුමක් නොචේ.මන්ද යත් කෝලම්හි දෙබස් ,ගායනා ,වෙස් ගැන්වීම් ආදියත් එහි ප්‍රධාන අංග වන හෙයිනි. කෝලම්  යනු උසුළු -විසුළු පාමින් ,හාස කරවන නළු- නාටකයන් ගේ විපරිත රංග කාර්යයනහි එකතුවකැයි ඇතැමුන් ගේ මතයයි. ලෝවැඩ සඟරාවේ “පාලා ගිය වැනි බහුරූ කෝලම් ”යනුවෙන් සඳහන්ව තිබේ.එහි වාච්‍ය අර්ථය විවිධ රූපාකාර යන්නයි. සාම්ප්‍රදායික සමාජය තුල කෝලම්  යන වචනයෙන් ගැමියන් සන්නිවේදනය කරනු ලබන්නේ  නොරුස්සන දෙයක්  ගැන හෝ හාස්‍ය දනවන දෙයක් පිළිබඳවයි. “මෙන්න බලහල්ලකො මේ මල කෝලං ,කෝලං කරන්නෙ නැතුව හිටහන්, අපි කවදාවත් ඔය කෝලං දැකලා නෑ”යන ආදි ලෙස ගැමි සමාජයේ  හාස්‍යයෙන් කෝලම් යන්න අරුත් ගන්වයි. කෝලම්  යන්න සිංහල භාෂාවට පමණක් සීමා වන්නක් නොවේ. එය දෙමළ බසෙහිද විවිධ ලෙස අර්ථ වලින් ව්‍යවහාර කෙරේ.ද්‍රවිඩ භාෂා පද්ධතියන්හි ද “කෝල කෝලම් ” යන වචනය අරුත් ගන්වයි. ද්‍රවිඩ වචනයෙහි ධාත්වර්ථය උඩ ආභරණය , විභූෂණය යන අරුත් දෙක කැපී පෙනෙයි. කිතුවසින් සයවැනි සියවස්හි පමණ ලියැවුනු “සීලප්පදිකාරම්” නමැති ග්‍රන්ථයෙහි කෝලම් වූ කලී , ඌර්වරි නම් වූ ජන සම්මත නැටුම් සඳහා පළදින වස්ත්‍ර හැටියට දැක්වෙයි. විශේෂයෙන් වෙස් මුහුණු වල හැඩය , පෙනුම , ඇඳුම් වල සුන්දර බව ,අලංකාරය අරුතින් එම වචනය මලයාලි බසෙහි යෙදී    ඇත.                                                                                                                                                                                 කෝලම් නාටක සම්ප්‍රදාය ලාංකීය සාම්ප්‍රදායික සමාජය තුල පෝෂණය වනුයේ 19 වන සියවස තුලදීය. 19 වන සියවසේ අග භාගය වන විට මෙරට බෙන්තර , බළපිටිය , අම්බලන්ගොඩ , ගාල්ල , මිරිස්ස , මාතර, පොකුණුවිට  වැනි දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතවත් සහ ඇල්පිටිය , ගෝකන්දර , හොරණ ,වැනි ප්‍රදේශ වලත් සාම්ප්‍රදායික කෝලම් සම්ප්‍රදායේ සමාරම්භය සනිටුහන් කෙරිනි. දහ අට සන්නිය ශාන්තිකර්මය තව දුරටත් සංවර්ධනය කිරීමක් ලෙස ඇතැම් විචාරකයන් පවසයි. කෝලම්  නාටකය බිහි වීමට, එය පැවැත් වීමේ අරමුණු ගණනාවක්ම මෙන්ම එය සුපෝෂණය වීමෙහිලා හේතු රාශියක් බලපා ඇත. ඒ සම්බන්ධව අධ්‍යනයක නිරත වීම ඉතා වැදගත්ය. කෝලම් ප්‍රථම වරට පැවැත්වීමේ දී අරමුණු කිහිපයක් මූලික වී ඇත. එනම් ,                                                                                                                                     1.විනෝදාස්වාදය                                                                                                              2.සමාජඋපහාසය                                                                     

3.ගර්භ සංරක්ෂණය  ඒ අතර වේ.     

                              

කෝලම් නාටකය ග්‍රාමීයව පැවැත්වීමේදී එය රාත්‍රිය තුල ආරම්භ වී රුයක් පහන් වන තුරුම එය රඟ දක්වනු ලබයි. එහිදී දෙබස් ගායනා උසුළු විසුළු තුලින් අපේක්ෂා කරනු ලබන්නේ රුයක් පහන් වන තුරුම නිදි වර්ජිතව කෝලම් නාටකය නැරඹීම කෙරෙහි  පේක්ෂකයා නැතහොත් සාම්ප්‍රදායික ජනයා ආකර්ශනය කර ගැනීමයි . සමාජ උපහාසය ද කෝලම් හි තවත් එක් අපේක්ෂාවකි . සමාජය තුල දක්නට ලැබෙන විවිධ දුර්වල චරිත අලලා උපහාසාත්මකව විවේචනයට ලක් කරනු ලබයි. එම චරිත සමාජ ශෝදනයකට ලක් කරනු ලබයි . මුල්ම වරට කෝලම් නාටකය පැවැත්වූයේද මහා සම්මත රජුගේ බිසවට දොල දුක දුරු කිරිමටය. එතැන් පටන් දරුවන් අහිම් කාන්තාවන්ට දරුවන් ලබා ගැනීමට , දරු ගැබ ආරක්ෂා කර ගැනීමට , ඉතා සාර්ථකව දරුවන් ප්‍රසූත කිරීමට කෝලම් නාටකය රුකුලක් වන බව ජනශුතියේ පවතින මතවාදයක් මෙන්ම අරමුණකි.                                                                                          

                               

ගැමි කාටක අතර ප්‍රභලත්වයක් උසුලන කෝලම් නාටකයේ අන්තර්ගතය තුල වෙස් මුහුණු භාවිතය සුවිශේෂි ගුණාංගයක් ලෙස පෙන්වා දිය හැකිය.පහතරට දහ අට සන්නිය තුල වෙස් මුහුණු භාවිතා කරනු දක්නා ලැබේ. කෝලම් තුල භාවිතයට ගනු ලබන වෙස් මුහුණු නිර්මාණය කර ගැනීමට රුක් අත්තන , වෙල් කදුරු , ගොඩ කදුරු වැනි සැහැල්ලු ලී වර්ග භාවිතා කරනු ලබයි.කෝලම් නාටකයේ සියළුම චරිත වෙස් මුහුණු පළදියි. නමුත් කාරිය කරවන රාල පමණක් වෙස් මුහුණු නොපළදියි .මෙහි සියල්ලන්ම පිරිමින් විසින් රඟ දක්වනු ලබයි. කෝලම් වල ඒ ඒ චරිත ප්‍රේක්ෂකයන්ගේ ඇසට හා හදට හසු කර ගැනීම පහසු වන්නේ වෙස් මුහුණු නිසාය. ප්‍රකෘති විලාසයේ වෙනසක් ඇති කිරීම එහි අදහසයි. නිරූපනය කරන චරිතය මේ ආකාරය යි විදහා පෑම වස් නළුවාගේ මුහුණෙහි වෙනසක් ඇති කිරීමේ උපක්‍රමයක් ලෙස වෙස් මුහුණ හැඳින්විය හැකිය. වෙස් මුහුණු පැළදීමෙන් නර්තනයකදී සතුටක් ඇති වේ. නාට්‍යයකින් සන්තෝෂයක් හට ගනියි. කෝලම් චරිත සඳහා එකිනෙකට ආවේනික වූ චරිත ලක්ෂණ සහිතව චරිතය තව තවත් උද්දීපනය කිරීමට වෙස් මුහුණු තුලින් ලැබෙනුයේ මනා පිටි වහලකි.එ තුලින් සමාජයේ ඇති විවිධ චරිත වල පවතින පර්යාය දුර්වලතා සමාජයට සන්නිවේදනය කරනු ලබයි.නිදසුනක් ලෙස නොංචි කෝලමේ එන නොංචි අක්කා ට පළදින වෙස් මුහුණ දත් හැලුනු ඇස් විශාල මහළු බව පිළිඹීඔු වන වෙස් මුහුණකි.එසේම මුදලිතුමාගේ වෙස් මුහුණ ඉතා අලංකාර රූමත් වෙස් මුහුණකි.

                               

කෝලම් රඟ දක්වන රංග පීඨය කෙරෙහිද අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. සබය, කරලිය ලෙස විවිධ නම්වලින් රංග පීඨය හඳුන්වනු ලබයි. කෝලම්  වල  “සපැමිණ මෙසභ තුල , පණිවිඩ කරවන ලෙස සබයට එති ” ආදි ගායනා තුල රංග පීඨය හැඳින්වින. සාමාන්‍යයෙන්  ගැමි නාටක රඟ දක්වන භූමිය කරලිය වෙයි. නමුත් කෝලම් ගැමි සමාජයට උරුම කම් කියන සාම්ප්‍රදායික ගැමි නාටකයක් බැවින් එම භූමිය “තානායම් පොළ” නමින් හඳුන්වනු ලබයි. මෙම රඟ මඩල ගැමියන්ගේ කමතතුල නිර්මාණය වන සාම්ප්‍රදායික සමාජයේ දක්නා ලැබේ. විශේෂයෙන් තානායම් පොළ නිර්මාණය කර ගනු ලබන්නේ සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය , සාම්ප්‍රදායික සිරිත් විරිත් ආදිය සැළකිල්ලට ගන්මිනි . ගැමියන් විසින් කවාකාර මෙම රංග පීඨයේ  අසුන් ගෙන කෝළම් නරඔයි.වර්ථමානයේ පන්සල් වැනි පූජා භුමි වල ද කෝලම් රඟ දක්වනු ලබයි.

                               

සාම්ප්‍රදායික සමාජය තුල කෝලම් රඟ දක්වනු ලබන්නේ ප්‍රධානවම විනොදාස්වාදය අරමුණු කොට ගෙනය .ඊට අනුකූලවම කෝලම් චරිත සඳහා ඇඳුම් පැළඳුම් ද නිර්මාණය වී ඇත . නොංචි කෝලමේ එන නොංචි අක්කාගේ චරිතය ගත් විට ඇය වයස් ගත කාන්තාවක් බව ඇඳුම් තුලින් පිළිඹීඔු වේ. ගැමි සාම්ප්‍රදායික කතක් අඳින රෙද්ද සහ හැට්ටය භාවිතා කරයි . නමුත් ඊට අමතරව සුවිශේෂි දේවල් භාවිතා කරනු ලබයි . හැට්ටය ට යටින් මඤාfඤාාක්කා අල දෙකක් පියයුරු සඳහා අර්ථ ගන්වයි .එ තුලින් ගම්‍යමාන කරනු ලබන්නේ වැරහැලි  වූ විට ඒවා කඩා හැලෙන බවයි. එසේම ජස ලෙංචිනා කෝලමේ ජසයා රෙදි  අපුල්ලන තැනැත්තෙකි . ඔහු විශාල බඩක් සහිතව බැනියමක් සරමක් අඳියි . එසේම ඔහු විශාල රෙදි පොට්ටනියක් ද අතැතිව දක්නට ලැබේ . මේ අනුව පසක් වනුයේ කෝලම් ඇඳුම් පැළඳුම් එහි චරිතාංග ලක්ෂණ , විනෝදාස්වාදය උද්දීපනය කිරීමට ප්‍රභලව දායක වී ඇති බවයි .

                       

කෝලම් යනු නර්තන අංගයක් පමණක්ම නොවන බැව් ඉහත දී කථා කලෙමු . එය දෙබස් , සංවාද , ගායනා, බෙර පද අන්තර්ගත වූ නාට්‍යමය ලක්ෂණ සහිත නාටකයකි. අප හඳුන්වන්නේ ද කෝලම් නාටකය ලෙසිනි. නොංචි කෝලම , ජස ලෙංචිනා කෝලම ,මුදලි කෝලම ,පොලිස් කෝලම ,හේවා කෝලම ආදි ලෙස කෝලමි රුසක් පවතියි . දෙබස් , සංවාද , ගායනා නාටකය තුල චරිත හැඳින්වීමට , චරිතයේ ස්වභාවය උපුටාලීමට , විවිධ චරිතයන්හි දුර්වලතා සමාජ ශෝදනයකට ලක් කිරීම යන ආදි විවිධ කාර්‍යයන් ඉටු කරනු ලබයි . ඒ අනුව කෝලම් කිහිපයක් ගෙන ඒවායේ චරිත තුලින් චරිතාංගන ලක්ෂණ උද්දීපනය වන ආකාරය සළකා බලමු .

                        කෝලම් නාටකය ඉදිරිපත් කිරීමේ විශේෂ පිළිවෙළක් ඇත . පූජා වතාවන් ,පද්‍ය ගායනා මගින් චරිත විග්‍රහ කිරීම ආදියෙන් ඉක්බිතිව කෝලමේ පූර්ව භාගයට අයත් ස්ථාවර පාත්‍රයන් ගේ රංගනය ඉදිරිපත් කෙරේ . අණබෙර , පොලිස් , හේවා , ජස වැනි කෝලම් මිට ඇතුලත් වේ . කෝලම පිට පිට දින ගණනාවක් පැවැත් වුන ද මෙම ස්ථාවර පාත්‍රයන් එලෙසම රඟ දක්වනු ලැබේ.මධ්‍යම රාත්‍රියේදී රජු බිසව හා මැති ඇමතිවරු තානායම් පොළට කැඳවීමෙන් පසුව යක්ෂයන් සහ සත්ත්වයන් දැක්වෙන නර්ථනාංග කිහිපයක් ඉදිරිපත් කෙරේ . රජු බිසව ආදින් පිටව ගිය පසු පැය දෙකක් පමණ යන තුරු බඩදරු , ලන්දේසි , කාපිරි , කරපිට වැනි කෝලම් රඟ දක්වා එම දිනට නියමිත කථා ප්‍රවෘත්තිය වෙත පිවිසේ . විශේෂ කථා ප්‍රවෘත්තින් ලෙස මනමේ සඳකිඳූරු කෝලම් හැඳින්වීම නිවැරදිය. මෙකී සියළුම චරිත තුලින් සමාජ විමර්ශනයක්, සමාජ ශෝදනයක් , සමාජ නිරූපනයක් දැක ගත හැකිය .ලංකාවේ මුල්ම වරට ප්‍රභු පන්තියේ චරිත සහ පාලක පැලැන්තියේ චරිත සියුම් ලෙස උපහාසයට ලක් කරන ලද්දේ කෝලම් නාට්‍යකරුවා විසින් යැයි කිවහොත් එය නිවැරදිය . කෝලමේ පූර්ව භාගය පුරාවටම ප්‍රභල සමාජ නිරූපණයක් දැක ගත හැකිය . මුලින්ම තානායම් පොළට කැඳවන්නේ අණබෙර කෝලමයි . අණබෙර කරු හෙවත් පණික්කිලේ බීමත්ව කටයුතු කරන ආකාරයෙන් උපහාසය මතු කෙරේ. එසේම සමාජ විවරනයක් ඒ තුලින් විදහා දක්වයි .මොහු එන්නේ රජු පැමිණෙන පුවත දැනුම් දීමටයි. මොහු මහළු ජරාපත් වූ රාජකාරියේ නිරත වීමට අපහසු පුද්ගකයෙකි . සමාජයේ මෙවැනි චරිත නැත්තාම නොවේ. ඔහුගේ බිරිඳ නොංචි අක්කාද මොහු මෙන්ම මැහැල්ලකි.විටෙක පණික්කලේ බීමත්ව වැටි සිටි අවස්ථාවක ඔහු මිය ගොස් ඇතැයි හඬා වැළපී ඔහු නැගිට වමනය දමන විට ඇය හඬා වැටිම පිළිබඳව පසු තැවිලි වේ. මෙය පවුල් සංස්ථාව සම්බන්ධව උපහාසාත්මක විශ්ලේශනයකි . නොංචි අක්කා කොතරම් මහළු වුවද ඇය සැම විටම සුකුමල නිර්මල තරුණියක් ලෙස ක්‍රියා කරහි . මැයගේ මහළු බව ,

 කටේ දත් වැටෙමින - කබත් කුණු කෙල පෙරමින                                                                                ගතත් වෙව්ලාගෙන  - නොංචි අක්කා එය දුවගෙන                                                                                                                                                

යන කවි ගායනා වලින් ප්‍රත්‍යක්ෂ වේ.සාම්ප්‍රදායික සමාජය තුල මෙවැනි චරිත නොංචි අක්කා තුලින්  උපහාසාත්මකව විවරනය කරනු ලබයි . එසේම මැයගේ ගමන් විලාසය , දොංත ගතං දොංත ගදි ගතං - තත් රෙගතත් තත් රෙගත ගතං යන්න සහ විට කොටන ආකාරය ,තත් රුඳ ගුඳ- ,තත් රුඳ ගුඳ- ,තත් රුඳ ගුඳ -රුඳ ගත ගුඳ තා යන බෙර පද තුලින් චරිතය තව දුරටත් තිව්‍ර කරනු ලබයි. කෝලම් නාටකය තුල දෙබස් හා සංවාද්‍ර සාම්ප්‍රදායික සමාජයේ ගැමි බස් වහර උපයෝගි කර ගනිමින් නරඔන්නන්ට විනොදාස්වාදය සන්නිවේදනය කරනු ලබයි . නොංචි අක්කා සබයට පැමිණ කාරිය කරවන රාළ සමඟ මෙසේ සංවාදයක යෙදේ


                                              

මේ ආකාරයට දෙපට පෙරලෙන වචන තුලින් ලැබෙන විනෝදාස්වාදය ඉතා ඉහළ තත්ත්වයක පවතියි. මෙයින් අනතුරුව ඉදිරිපත් වනුයේ පොලිස් හා හේවා කෝලමයි. පොලිස් කොලම වේදීකාවට අවතීර්ණ වන විට “මිනිසුන් දුටු කලට - සරොසින් බලති වට පිට” ලෙස පොලිස් නිලධාරින් මහජනතාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පැවසේ. රාජ්‍ය නිලධාරිනගේ නූගතකම සහ රාජකාරිය හරි හැටි ඉටු නොකිරීම යන යථාර්ථය මේ තුලින් කියා පායි. ජස-ලෙංචිනා කෝලමද සුවිශේෂත්වයක් උසුලනු ලබන කෙටි නාට්‍යයක් බඳු උසස් නිර්මාණයකි. මෙම අංගයට ජසයා , ලෙංචිනා , සෙබරංචි ,මුදලිතුමා , හෙංචප්පු යන චරිත ඇතුලත් වේ. කකුලක් නොන්ඩි ගසමින් රජු එන මාර්ගය සරසන ජසයා බේබද්දෙකි . තත් ගුඳ ගුඳ - තත් ගුඳ  ගුඳ - තත් ගුඳ ගුඳ තා යන බෙර පදයට රෙදි අපුල්ලමින් හාස්‍ය මතු කලද ඊට යටත්ව පීඩිත ප්‍රාන්තිකයන්ගේ ජීවිත පිළිබඳ අනුවේදනීය වූ යථාර්ථයක් ඉස් මතු කරයි .



ගමිබිර කාලිංග නුවර නිරිඳූගේ වාසල කුලයට-මන්නදනා සේම රජුට සෝදා පටපිළි සොඳට                                                                                                                                                                                                                                             ඉන් නරනා තැබුමට නම පේඬි විධානේ යන්නට-මං මෙතනට ආවෙි වියන් බඳිනට නරනිඳූ එන විට    

ආදි ලෙස සාමිප්‍රදායික සමාජයේ තම රුකියාව අතිශෝක්තියෙන් යුතුව කටයුතු කරන පුද්ගලයන් උපහාසාත්මකව විවරනයට ලක් කරනු ලබයි .හුදෙක්ම මෙම ජස ලෙංචිනා කෝලම තුලින් සමාජයට උද්දීපනය කරනු ලබන්නේ ගැමි සමාජයේ පවතින සාමාන්‍ය සිදුවීමි ය. ජසයාට කාන්තාවන් දෙදෙනෙක් සිටියි .ලෙංචිනා සහ පුරංසිනා යනු ඔවුන් දෙදෙනාය .ලෙංචිනා නිත්‍යානුකූල බිරිඳයි .නමුත් ඇය ජසයාට ඇලුමි නොකරයි . ඇය ඉතා රූමත්ය . වර්ථමාන සමාජයේද මෙවැනි චරිත ඉස්මතු වනු දක්නා ලැබෙි . ජසයා බෙිබදු චරිතයක් වුවද , රුකියාව පහත් වුවද , ඔහුගේ අහංකාර බව ඉතා ඉහලය . ඒ බව ,අප්පුහාමි සමඟ කරන සංවාදයේදි “දෙනවා බෙල්ල කැඩිලා යන්න - දෙනවා හුලිචිචි බොක්ක පුපුරලා  යන්න”   යන වචන තුලින් පෙන්නුමි කරයි .එසේම ලෙංචිනා මුදලි තුමා සමග අනියමි සමිබන්ධකමක් පවත් වනු ලබයි. නොගැළපෙන විවාහය නිසා කිසිඳූ සතුටක් නොලබන ඇතැමි කාන්තාවන් වෙනත් පුරුෂයන් සොයා යන අද සමාජයේ තත්වය මෙි තුලින් මනාවට විවරනය කරනු ලබයි .     

       මෙි ආදි ලෙස කෝලමි නාටකය තුලින් විවරනය කරනු ලබන්නේ සමාජයේ විවිධ චරිත වල පවතින්නා වූ ඇතැමි දුර්වලතාය .ජන සමාජයේ පවතින්නා වූ මෙකී චරිත සමාජ ශෝධනයකට ලක් කරමින් ඒවායේ දුර්වලතා  සිවැරදි කරවීමට උත්සුක වෙි .එසේම වර්තමානයේ කෝලමි නාටක පැවැත්වීම ඇතැමි ප්‍රදේශ වලට පමණක් සීමා වී ඇත.එය කෝලමි නාටකය පිරිහීමට හේතුවක් විය හැකිය . එබැවින් මෙි සමිබන්ධව අවධානයට ලක් විය යුතුය .                 


                      

                      

                              

                                                                                      

                      

                      

                                         

3 comments:

  1. [ඉන්දීය ජනශුතියෙන් ආභාෂය ලත් ගැමි නාටක සිහල කලා කෙත පෝෂණය වේ යැයි ජනශුතියේ සඳහන් වේ]
    මෙමෙ ප්‍රකාශයට කිසිසේත් එකග විය නොහැකිය ශ්‍රී ලංකාවේ ගැමි නාටක දැඩි සිංහල ස්වාදීන ජන කලාවන් වේ.


    (කෝලම් පිළිබඳ අධ්‍යනයේ යෙදෙන විට එය ඉන්දියානු ආභාෂයෙන් උපත ලද්දකි.කෝලම් කතා පුවත ද ඉන්දියානු ආභාෂය ලද්දකි.එය මෙලෙස විග්‍රහ කල හැකිය.ඉන්දියාවේ මහා සම්මත රජුගේ බිසව නැටුම් සිනා කෙළි දැකීමට උපන් දොළදුක් හේතු කොට ගෙන කෝලම් නැටුම් උපන් බව ජනප්‍රවාදයේ සඳහන් වේ)
    සම්පුර්න වැරදි මතයක් කෝලම් කාලවට සම්බන්ද කිසිම ජනකලාවක් ඉන්දියාවේ නොමැත . මහා සම්මත රජු යනු සිංහලයේ මුල්ම රජතුමන්ය. ඉන්දියවටසම්බන්දයක් නොමැත .

    ඔබට නිවැරදි විස්තර අවශානම් තොරතුරු සපයා දිය හැකිය . වැරදි මත සමාජ ගත නොකර සිටන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි


    https://www.facebook.com/tukkawadu.traditional

    https://www.facebook.com/HARISCHANDRA.TUKKA.WADU

    ReplyDelete