බොහෝ රටවල මිනිස් සිරුරෙහි පච්ච කෙටීමේ සාම්ප්රධායික කලාවක් ඇත . සිරුරෙහි රූප හො අක්ෂර කෙටීම අප රටෙහිද පවතී . පච්ච කෙටීමේ කලාව රෝග සමනය
කිරීම සඳහාත් , භූත බලවේග තුරන් කිරීමටත් , අලංකාරය සඳහාත් සිදු කරයි . ඉන්දියානු ඇතැම් ගෝත්රිකයන් පාරම්පරික සිරිත් වශයෙන් සිරුරෙහි රූප කෙටීම හා සායම් තැවරීම් විශේෂ තැනක් ගනී .
රාත්රි කාලයේ නිදා සිටින විට ඇස ,කන ,නාසය , ආදී ශරීරයේ සිදුරු තුලින් භූත බලවේගයන් ශරීර ගත වී රෝග සාදන බවට ඇදහීමක් රතු ඉන්දියානුවන් අතර වෙති .සිරුරෙහි තැන් තැන් වල පච්ච කෙටීම විසිතුරු ලෙසත් බියකරු ලෙසත් සිදු කරයි .
ලාංකීය සමාජයේ ඇතැම් මුරණ්ඩු ඇත්තො ද මෙය සිදු කරනු ලැබේ . මෙය හුදෙක් මිනිසුන්ගේ මනස හා බැඳුණු ක්රියාවකි .
පච්ච කෙටූ මිනිසුන්ගේ සිත් දරුණු ඒවා බව බලන අයට සිතෙන්නට පුළුවන් . ඇතැම් අවි ආයුධ සලකුණු අත්පා ආදී තැන්වල කොටා තිබෙනවා දකින අයට බියකරු ඇති කරවයි .කඩුව ,උල් පිහිය වැනි මාරක ආයුධ වලට සමහරු කැමැත්තක් දක්වයි .
පච්ච කෙටීම මිනිසුන්ගේ ආශාව හේතුකොට ගෙන ද සිදු වේ. සමාජය අමුතු බැල්මක් මෙවැනි පච්ච කොටා සිටින පුද්ගලයන් දෙස හෙලනු දක්නා ලැබේ .නමුත් බාහිර ස්වරූපයෙන් මිනිසෙකු මෑණිය නොහැක .පච්ච කොටා ගත අයට තනිකම් දෝෂ ,ලෙඩ රෝග නැතැයි විස්වාස කරනු ලැබේ .චිත්ත ප්රබලතාව එයට හේතුවයි . ලක්දිව පවතින හේතුවක් නම් පච්ච කෙටීමේ වාත රෝග නිවාරණය කරයි .
කාන්තාවන්ටත් පච්ච කෙටීම අද වනවිට පිස්සුවක් වී ඇත . අහිකුණ්ඨිකයන් පච්ච කොටා ගනී . නමුත් පච්ච කෙටීම නිසා ආසාදන තත්වයන් ඇති වී ඇත .
මේ තත්ත්වය නිසා පච්ච කෙටීමේ කලාව ඉතා පරිස්සමෙන් අනුකරණය කල යුතුය . මෙය අද වනවිට රැල්ලක් වී ඇත . නමුත් එය සමාජයේ තහනමක් නොවේ .. නමුත් මිනිසුන්ගේ සිතුවිලි නිසා එවැනි මිනිසුන් මනිනු ලබන්නේ වෙනමම මිම්මක් තුළිනි ..
එල මරු
ReplyDelete