Thursday, July 13, 2017

අලි බලනව ද බලි බලනව ද

ඔයාල කැමතිද අලි  සුරතල් බලන්න ... අද මම කතා කරන්නේ අලි බබාලා ගැන ... මිනිස් දරුවන් මෙලොවට බිහි වෙන්නේ මාස 9 ක කාලයකින් පසුවයි .මිනිස් දරුවෙක් උපන් පසුව ඇවිදිමින් කතා කරන්නේ නැත ..අලි පැටියෙකු උපත ලබන්නේ මාස 22 ක කාලයකින් පසුවයි . අලි පැටවෙක් ඉපදුණු සැනින් පාද හතරෙන් ඇවිදිමින් දස්කම් පෙන්වයි .
අද අපි කතා කරන්නේ උඩවලවට විදේශ සංචාරකයන් වැඩි වශයෙන් ඇදී එන වළවේ අලි පිළිබඳවයි .

උඩවලව අලි අනාථාගාරයේ මේ වනවිට අලි 51 පමණ සිටිනවා . ඔවුන්ගෙන් කුඩාම අලි පැංචා චූටි මැණිකේ ... චූටි මැණිකේට වයස මාස 4 යි . මේ හුරතල් පැටියාගේ අලි සුරතල් බලන්න සංචාරකයන් රැසක් ඇදී එන බව දැනගන්න ලැබුණා ..
ගිය වසරට වඩා මේ වසරේ සංචාරකයන් පැමිණීම ඉහළ ගොස් ඇත .. ලක්ෂ 58 ඉක්මවා ඇති අතර තවත් වැඩි වෙමින් පවතී ..
මේ අලි පැංචන්ට දිනකට පැය 3න් 3 ට  වේල් 4ක්  කිරි ලබා දෙනවා ..laktojan 2 අලි බබාලා පෝෂණය කරන්න ලබා දෙනවා ..
අනාථ වුණු අලි පැංචන්ට සෙවණක් ලබා දි මහඟු මෙහෙවරක් ඉටු කරන  උඩවලව ජාතික වනෝද්‍යානයේ සේවකයන් විශාල රාජකාරියක් ඉටු කරයි ..
වසරකට අලි 100,ක් පමණ වනෝද්‍යානයට මුදා හරිනු ලබයි .

අලි සුරතල් බලනකොට හැමදේම අමතක වෙලා යනවා.. ඔවුන් කිරි බොන හැටි හරිම හුරතල් .. කිරි මදි වුණු විට පොර කලා කිරි බොන්න මේ පැංචන් හරිම දක්ෂයි .
 අලි බබාලා ලෙඩ වුණාම බෙහෙත් දෙන්න දොස්තරලා 4ක් ඉන්නවා ..
මේ ආකාරයට මේ පැංචන් ජීවත්  වෙනවා...
 ඔන්න ඔහොමයි අපි අලි බැලුවේ .....

2 comments: