Monday, August 7, 2017
රටයකුම හෙවත් රිද්දියාගය
සන්නිවෙීදනය උපත ලබන්නේ මිනිසා උපත ලැබීමට තත්පරයකට පෙර යැයි මතයක් පවතියි .මානවයා සන්නිවෙිදනයට ප්‍රවෙිශ වන්නේ මවි කුස තුලදීමය . කුඩා දරුවෙකු මෙලොව උපත ලබා පළමු වරට තම මව සමඟ සන්නිවෙිදනය කරනු ලබන්නේ හැඬීමෙනි .මවි සෙනෙහස හඳුනන කුඩා බිළිදා සිය මව සමඟ සන්නිවෙිදනය කරනු ලබන්නේ ඔහුට මානසිකව මව පිළිබඳව දැනීමක් ඇති වන හෙයිනි .මෙතැන් පටන් සිය ජීවිතය පුරාවටම විවිධ ප්‍රවෙිශයන් ඔස්සේ සන්නිවෙිදනය කරනු ලබයි . මීට වසර 20000 කට පමණ පෙර ආරමිභ වූ සන්නිවෙිදනය විෂයක් ලෙස ආරමිභ වන්නේ මෑත කාලීනවය . එහිදී පුද්ගලයන් සන්නිවෙිදනයට ප්‍රවෙිශ වීමෙි මාර්ග පිළිබඳව කථා කිරීම වැදගත් යැයි සිතමු .
ඈත අතීතයේදී මුලින්ම මානවයා සන්නිවෙිදනය සිදු කරනු ලැබුවෙි ගල් ගස් වල යමි යමි දේ චිත්‍රනය කිරීමෙනි . පසුව දකින ඇසෙන විවිධ දේවල් අතීත මානවයා ශරීරය භාවිතා කරමින් අංග චලනය තුලින් සන්නිවෙිදනය කරන්නට ඇත . පසුව එය නර්තනයක් බවට පත් විය . නර්තනය යනු බොහෝ දේ ලොවට කියා පා හැකි විශිෂ්ට සන්නිවෙිදන ප්‍රවෙිශයකි . උඩරට පහතරට සබරගමු යන ත්‍රිත්ව සමිප්‍රදායන් අතුරින් පහතරට නර්තන සමිප්‍රදාය සුවිශේෂත්වයක් උසුලයි .පහතරට නර්තන සමිප්‍රදායේ එන රිද්දියාගය හෙවත් රටයකුම තුලින් සන්නිවෙිදනයට ප්‍රවෙීශ වන්නේ කෙසේදැයි මෙම අධ්‍යනය තුලින් විමසා බැලේ .සන්නිවෙිදනයට ප්‍රවෙිශ වන මාර්ග ඵිළිබඳ සළකා බලන විට ,
ඤූ සමාජ විද්‍යාත්මක සන්නිවෙිදන ප්‍රවෙීශය
ඤූ සමාජීය විද්‍යාත්මක සන්නිවෙිදන ප්‍රවෙීශය
ඤූ මනෝ විද්‍යාත්මක සන්නිවෙිදන ප්‍රවෙීශය
ඤූ සංස්කෘතික සන්නිවෙිදන ප්‍රවෙීශය
ආදි ප්‍රවෙිශ ගණනාවක් දැකිය හැකිය . රිද්දියාගය තුළින් සන්නිවෙිදනය ට ප්‍රවෙිශ වන්නේ කෙසේදැයි සහ ඒ තුළින් කුමන ආකාරයක ප්‍රවෙිශයක් ලබා ගත හැකිද යන්න ප්‍රත්‍යක්ෂ කර ගත යුතුය . විශේෂයෙන්ම මෙම යාගය තුළින් මනෝ විද්‍යාත්මක ප්‍රවෙිශයක් දැකිය හැකිය . ඊට අමතරව සමාජ සහ සංස්කෘතික විද්‍යාත්මක ප්‍රවෙිශයෙන් සන්නිවෙිදනයට ප්‍රවෙිශ වන ආකාරය විමසා බලමු . රිද්දියාගය ශාන්තිකර්මයක් ලෙස එහි රංග භූමිය , පූජා විධි රටාව ,උපත් කථාව ,රංග භාණ්ඩ , යන ආදිය තුලින් සන්නිවෙිදනට ප්‍රවෙිශ වීමෙි උපක්‍රම අධ්‍යනය කිරීමට අපේක්ෂා කරයි . මෙම ශාන්තිකර්ය තුළින් සිදු කෙරෙන සුළු දෙයින් පවා යමි ආකාරයක සන්නිවෙිදනයක් සිදු වෙි .
පහතරට නර්තන සමිප්‍රදායේ යකුන් උදෙසා පවත්වනු ලබන එකම ශාන්තිකර්මය වනුයේ රටයකුම ශාන්තිකර්මයයි. එසේම කාන්තාවන් උදෙසා පවත්වන එකම ශාන්තිකර්මය වන්නේද රටයකුමයි . මිනිසුන්ගේ අභ්‍යන්තර භාව ප්‍රකාශනයන් පූර්ණ නෘත්‍ය ලක්ෂණ සහිතව ඉදිරිපත් කරන එකම ශාන්තිකර්මය වීමත් රිද්දියාගය සුවිශේෂත්වයක් උසුලයි . .මෙම යාගය පවත්වනු ලබන්නේ පිරිමින් විසින් පමණි .කාන්තාවන් මෙයට සහභාගි නොවීමට හේතු ගණනාවක් පවතියි . ඒ තුලින්ද සන්නිවෙිදනය කරන යමි යමි දේ ඇත. ඉන් පළමුවැන්න වන්නේ පිරිසිදු බාවයයි. කාන්තාවන් මෙයට සහභාගි නොවන්නේ ඔවුන් තුල කිළි පවතින බැවිනි . මෙි තුළින් සන්නිවෙිදනය කරනු ලබන්නේ පවිත්‍රතාවය තුළින් ශාන්තිකර්මය සාර්ථක අයුරින් පවත්වා අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට හැකි වීම යන්නයි . විශේෂයෙන්ම ශාන්තිකර්මය පැවැත්වීමට පෙර ඇදුරන් දින තුනක් මුළුල්ලේ මස් මාංශ කෑමෙන් වැළකී සිටිය යුතුය . එසේම ශාන්තිකර්මය පවත්වන දිනයේදී දෙහි ගා ස්නානය කොට පිරිසිදු විය යුතුය . මෙි තුලින් ප්‍රත්‍යක්ෂ වන්නේ පිරිසිදු බාවය තුළින් කාර්යයක් සාර්ථක කර ගත හැකි බවයි . එසේම කාන්තාව මෙය රඟ නොදක්වන්නේ කාන්තා චරිත කාන්තාවන් විසින්ම රඟ දැක්වීම තුළින් හාස්‍යක් නූපද්දන නිසාවෙනි . විනෝදාස්වාදය යනු මනසට සහනයක් ගෙන දෙන ප්‍රධානතම කරුණකි. මෙි අනුව රිද්දියාගය තුළින් මානසික ප්‍රවෙිශයක් ඔස්සේ සන්නිවෙිදනය කරනු ලබයි .
මෙම ශාන්තිකර්මය ශ්‍රී ලංකාවෙි මුහුදුබඩ පළාත් වල පහතරට ප්‍රදේශයේ ප්‍රචලිත ශාන්ති කර්මයකි . මෙම ශාන්තිකර්මය මාතර , බෙන්තර , රයිගම යන සමිප්‍රදායන් තුනටම අදාළව පවත්වනු ලබයි . මෙම ශාන්තිකර්මය බිහි වන්නේද ප්‍රාදේශිය ආදහිලි ක්‍රමවෙිදයන්හි ප්‍රතිඵලයක් ලෙසය . ශ්‍රී ලංකාවෙි යකුන් ප්‍රචලිත ප්‍රදේශ පහතරට ප්‍රදේශයයි .එමනිසා මෙම දිවයින යක්ගිරි නමින් නමි පට බැඳ ඇත .බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරනු ලබන්නේ මහියංගනයටය . බුදුන් වහන්සේ වඩින්නේ යකුන් අතර ඇති වූ කෝලහාලය විසඳා ගැනීමටය . යක්ෂ සංකල්පය දකුණු ප්‍රදේශයට වඩාත් බලපානු ලබයි . උෂ්ණත්වය අධික නිසාදෝ පහතරට මින්සුන් ක්ෂණිකව කෝප වී ක්ෂණිකව යථා තත්ත්වයට පත් වෙි . දේව සංකල්පයට වඩා පහතරට මින්සුන් ගණුදෙනු කිරීමට උත්සහ කළේ යකුන් සමඟය . පහතරට ශාන්තිකර්ම ශිල්පියා මෙම යකුන් අල්ලා බැඳ තැබීමට බෝතල් වල සිර කිරීමට , යකුන් බැඳ වැඩ කිරීමට දක්ෂ විය . යකුන් දෙවියන් යනු අදෘෂ්‍යමාන බලවෙිග වෙි . අදෘෂ්‍යමාන බලවෙිග කෙරෙහි මානසික වශයෙන් පවතින විශ්වාසයකි . එය මානසික දෘෂ්ටිකෝණයෙන් පවතින සන්නිවෙිදන ප්‍රවෙිශ වීමකි . මානසික වශයෙන් අප යකුන් කෙරෙහි , දෙවියන් කෙරෙහි අප තුළ පවත්නා ලෙඩ රෝග ණිවාරනය කරන බවට විශ්වාසයක් පවතියි . එය අදෘෂ්‍යමාන බලවෙිග සහ අප අතර සිදු වන මානසික සන්නිවෙිදනයකි .
වඩා නිවැරදි රටයකුම යන පදයට වඩා රිද්දියාගය යන වචනය බව බොහෝ විද්වතුන්ගේ මතයයි . ඇතැමි විට මෙම රටයකුම යන වචනය නිර්මාණය වී ඇත්තේ විදෙස් යකුන් පිරිසක් මෙම යාගයට සමිබන්ධ වන නිසාවෙන් යැයි මට හැඟේ .රිද්දියාගය ලෙස හඳුන්වන්නේ උපත් කතාවෙි රිද්දිබිසවි සත් දෙනා හා සමිබන්ධ වන හෙයිනි .මෙම නාමය යොදන ලද්දේ 1976 වසරේදි පමණය .අනෙකුත් ශාන්තිකර්ම වලට වඩා මෙකී ශාන්තිකර්මය තුළ සන්නිවෙිදනයට ප්‍රවෙිශ වන සංඥා සහ සංකේත රැසක් දක්නා ලැබෙන බව කරුණු අධ්‍යනයේදී ගම්‍ය වනු ඇත.
කපුයක්කංකාරිය
කපුයක්කංකාරිය තුළින් සමාජයට සන්නිවෙිදනය කරනු ලබන්නේ රිද්දි බිසවි පිරිසිදු සළුවක් වියන ආකාරය ආංගිකව නිරූපනය කිරීමය .බිම පැදුරක් එලා ඇත. බිසව පලමඅව පැමිණ මෙහි වාඩි වෙයි .කොටිටෝරුවා මෙහි විත් කපු යන්ත්‍රය , කපු ගස ,නඩාව ගෙනැවිත් ඉදිරියෙන් තබයි .මෙතැන් සිට සංවාදය ද ආරමිභ වෙි .
ගු -: ඔයි කවුද ඔතන වාඩි කරව ගත්තේ
උැ -: අපේ නෑදෑ කෙනෙක්
තු -: ඒකත් හොඳයි .අල්ල ගත්තු මිනිහ නමි කදිමයි .
ගු -: එහෙම නැතුව පුලුවනෑ ගුරුන්නාන්සේ .පැලලුප් නුවර ගිහින් කපු ඇට සොයා ගෙන ඇවිල්ලා හේන් කොටලා කපු ඇට හිටවලා කොචිචරක් තරමි වැඩ තියෙනවද ?ඒකට ඉතින් හයි හත්ත්ය ඇති පිරිමියෙක් ඔනනෙ .අපි වගේ ගෑනුන්ට තනියම කරන්න පුළුවන් වැඩයැ .
මෙම සෑම වචනයකින්ම පාහේ කුමන හෝ දෙයක් නිර්වාචිකව සන්නිවෙිදනය කරනු ලබයි .ඉහත සංවාද තුළින් ව්‍යාංගිකව ප්‍රත්‍යක්ෂ කරනුයේ කාන්තාවට තනිවම දරුවකු තනා ගැනීමට නොහැකි බවයි . රිද්දියාගයේ අරමුණ වන්නේ රෝගී මනස නිරෝගිමත් කර ලීමයි .එක් එක් පුද්ගලයාගේ මනස විවිධාකාරය . ඒ අනුව යමිය මි දේ සමිබන්ධව සිතන පතන ආකාරය වෙනස් ය .මනෝ විද්‍යාත්මක ප්‍රfවිශය තුලින් කථා කරනු ලබන්නේ මෙම මනො විද්‍යාත්මක
කපු යක් කංකාරිය මගින් සංකේතාත්මකව සන්නිවේදනය කරනු ලබන්නේ රිද්දි බිසව් ෂත් දෙන දරුපළ ලබා ගැනීමට සළුවක් වියා පූජා කල ආකාරයත් ඉන් ලැබෙන ආනිසංසත්ය .කපු ගොත්න්නට පෙර නැකැත් බැලීම සිදු කරනු ලබයි . ඒ තුළින් පුද්ගල මනස තුළට කාවද්දනුයේ අපූරු අකාරයටය .කපු ගෙන ඒම ,කපු වැපීරීම ,කපු කැටීම ,නූල් විවිම ,සළුවක් විවිම ආදි සියල්ල අනුකරනයෙන් නිරූපණය කරනු ලබන්නේ ආතුර මනස සුවපත් කිරීමට ය .කාන්තාව යනු දවල් කාලයේ තනිවම නිවසේ වැඩ කටයුතු කරගෙන කිසිදු නිදහසක් නොමැති මනසකි . නමුත් මෙම අංගයේදී තම ස්වාමි පුරුෂයාගෙන් ගෙදර දොරේ වැඩ කටයුතු සඳහා නො ලැබෙන බව පවසමින් කාන්තාව ගේ මානසික පීඩනය මානසික ආතතිය උදීපනය කරනු ලබයි . එසේද දරුවෙකු කාන්තාවගේ සහභාගිත්වයෙන් පමණක් සිදු කළ හැක්කක් නොවේ. ඒබ ව ව්‍යංගාර්තයෙන් සංවාද දෙබස් ඇසුරින් පැහැදිලි වේ.
ඇදුරා -: ගුරුන්නාන්සේ හරි වැfඩිනෙ මගේ මනුස්සයා ගෙනල්ලා තියෙන්නේ ඇට විතරයිනෙ
ගුරු -: එහෙනම් මස් ටික එහෙ තියලා එන්න ඇති.
මෙි තුළින් දැඩි ලෙෂ අවධරණය කරනු ලබන්නේ දරුවෙකු පිළිසිඳ තැනීමට අවශ්‍ය ලිංගික පසුබිමයි . කාර්‍ය බහුල සාමාජයක ජීවත් වන පුද්ගලයන් දරුවෙකු ගැන නොසිතයි. එවැනි මනසකට මෙවන් උපහාසාත්මක සිනිහව සපිරි දෙයක් තුළින් එවන් ආසාවක් ඇති කර ලීම මෙහි අභිප්‍රායයි .
හුදෙක් ශාන්ත්කර්ම යනු පුද්ගල මනස කේන්ද්‍ර කොට ගෙන බිහි වූවක් බව රිද්දියාගය ශාන්ත්කර්ම අධ්‍යනය කිරීමෙන් ප්‍රත්‍යක්ෂ වේ.අප දකින , අපට ඇසෙන , අප ආඝ්‍රාහනය කරන , අප රස කරන සහ අප ස්පර්ශ කරන දෑ සියල්ලක්ම සෘජුවම මධය ස්නායු පද්ධතියට ගොස් ඒ තුළ ඇති වන ක්‍රියාවලිය මනස තුළ සිදු වන ක්‍රියාවලියයි . අප ශාන්ත්කර්මයක් වුවද නරඹන විට එය අප සංජානනය කර ගනු ලබන්නේ ඉන්ද්‍රියන් මගිනි . නමුත් ශාන්ත්කර්මක් වුවද විවිධාකාරයෙන් යමි යමි පුද්ගලයන් දැකිය හැකිය . ඉහත ආකාරයට එන අසභ්‍ය වචන පැවසීම ඇතැමුන්ගේ විවෙිචනයට ගක්ව ඇත . නමුත් එය සිදු කරනු ලබන්නේ හුදෙක් මනසට සුවයක් සැහැල්ලුවක් ලබා දීම පිණිස අයහපත් අර්ථයකින් නොවෙි .
අද්‍යතනයේ ඇත්තේ කාර්්‍ය බහුලත්වයෙන් පරිපූර්ණ වූ සමාජයකි .එකි වෙහෙසුමි කාරී මනසට යමි සැහැල්ලුවක් ලබා දීම මෙවන් දෙබස් සංවාද තුළ රමාර්ථය වෙි .කපුයක්කංකාරිය නාට්‍යමය අංගය තුළින් උද්දීපනය වනුයේ ද ස්ත්‍රිය සහ පුරුෂයා අතර පැවතිය යුතු ලිංගික සමිබන්ධතාවයයි . ඒ තුළින් ඇති වන යමි යමි දුර්වලතාවයන් නිසා දරු පල හට නොගැනීමෙන් පීඩිත මනස හාස්‍යයෙන් යුතුව පිනවිමට සලස්වයි .
Subscribe to:
Post Comments (Atom)
Niyamaiii
ReplyDelete