Monday, August 7, 2017
නානුමුරය
පහතරට සමිප්‍රදායේ කාන්තාවන් වෙනුවෙන් පවත් වනු ලබන රට යකුම හෙවත් රිද්දියාගය සමිපූර්ණ ගර්භ රක්ෂන පූජාවක් ලෙසද හැඳින්විය හැකිය . කාන්තාවන් උදෙසා පවත්වන එකම ශාන්තිකර්මය වන්නේ රටයකුමයි .රිද්දියාගයේ එන නානුමුරය හෙවත් දොළහ පෙළපාලිය නමින් හැඳින්වෙන මෙකී අංගය තුළ නාට්‍යමය ලක්ෂණ බොහෝමයක් ගෙන් උපලක්ෂිත වන බව පෙනේ .නානුමුරය නාට්‍යමය පෙළපාලිය තුලින් සන්නිවෙිදනයට ප්‍රවෙීශ වන ආකාරය මෙලෙසය .
කාන්තාවකගේ දරු ගැබ ආරක්ෂා කිරීමත් , දරු ගැබ හට ගැනීමටත් , කරදරයකින් තොරව දරු ප්‍රසූතිය සිදුවීමටත් යන අරමුණු මුදුන් පත් කර ගැනීමට පවත්වන මෙම ශාන්තිකර්මයේදී බොහෝ දුරට ආතුර කාන්තාවගේ මානසික සුවය සහ විරේචන බුද්ධිය ඇති කිරීම සඳහා චිකිත්සන ක්‍රියාවලියක් වශයෙන්ද ක්‍රියාත්මක වෙි .මෙි අනුව රිද්දියාගය ශාන්තිකර්මය තුළින් සන්නිවෙිදනයට ප්‍රවෙිශ වන්නේ මනෝ විද්‍යාත්මක ප්‍රවෙිශයෙනි .ඒ අනුව නානුමුරය නාට්‍යමය පෙළපාලියක් ලෙස ආතුරයාගේ මානසික සුවය උදෙසා යමි යමි කාර්යයන් ඉටු කරනු ලබයි . අනුරූපණ , සමාරෝපණ , අනුකරණ , සංවාද , ගායනා ආදී නාට්‍යමය අංග රුසකින් නිර්මාණය වී ඇත්තාසේම නාට්‍යමය අංගයකට අවශ්‍ය කරන අවස්ථාවන්ද මෙයට පාදක වී ඇත . මෙකී නාට්‍යමය අංග තුළින් වඩාත් අපූරුවට සන්නිවෙිදනයට ප්‍රවෙිශ වන ආකාරයක් කරුණු අධ්‍යනයේදී දක්නා ලැබෙි .නානුමුරයේ නිරූපිත අභිනයෙන් භාව නිරූපණ විමසා බැලිය යුතුය . මහමෙිරුව පර්වතයේ හටගත් ගින්නෙන් උපන් රිද්දි බිසවුන්ට දරු ඵල අහිමි වූ නිසා දීපංකර බුදුන්ට සළුවක් වියා පූජාකර දරු සමිපත් ලද පුවත මූලික කර ගනිමින් රටයකුම හෙවත් රිද්දියාගය පවත්වනු ලබයි . නානුමුරය තුළින් රිද්දි බිසවි ස්නානය කරන ආකාරය , දියට බසින ආකාරය , ඇඳුමි පැළඳුමි සහ ආභරණ පළඳින ආකාරය රංගනයෙන් ඉදිරිපත්කරනු ලබයි . ඒ තුළින් සන්නිවෙිදනය කරනු ලබන්නේ , රිද්දිබිසවි මෙලෙස සිදු කරන්නට ඇතැයි යන්නයි . පුරුෂයන් මෙවා රඟදක්වන බැවින් හාස්‍යක් උත්පාදනය රනු ලබයි . ඒ ඔස්සේ මානසික වශයෙන් මනසට සුවයක් අත් කර දීමට අපේක්ෂා කරනු ලබයි .
යාගය ආරමිභයේදී,
පෙරැදුරු කථාවකි - මුළුලොව කියන උපතකි
රටයකුමි උපතකි - එකුසි නාරායනා නුවරකි
ගායනා කරයි .මෙකී ගායනා තුලින් අනතුරුව රිද්දි බිසවකගේ වෙස් ගත් ඇඳුරා සභාගත වන්නේ කාන්තාවකගේ ලාලිත්‍ය මතු වන බෙර තාලයට අනුවයි .වෙස් ගත් ඇඳුරන් කාන්තාවන් සේ ගොක් කොළ වලින් සාදා ගන්නා ලද වරලසකින්ද , තෝඩු වලින්ද , මාල , වළලු ආදියෙන් සැරසී මුහුණේ පුයර තවරා තොල් රතු පැහැ ගන්වා ඇස් බැමි දිගුවට ඇඳ කාන්තා අඟ පසඟ මතු වන සේ හැටිටයක් හා රෙද්දක් ඇඳ පහතරට බෙර තාලයට සභාවට පිවිසෙන්නේ එදා රිද්දි බිසවකගේ චරිතයට සමාරෝපය වෙමිනි . මෙකී දර්ශනය දුටු පමණින්ම ප්‍රේක්ෂකයා ශෘංගාර රසය ඇති වන තරමට වෙස් ගත් ඇදුරා හැසිරේ . වෙස් ගැන්වීම තුළින් සන්නිවෙිදනය කරනු ලබන්නේ සෘංගාර රසය තුළින් මානසික සුවයයි . නානුමුර නාට්‍යාංගය තුළින් බොහෝ දුරට සන්නිවෙිදනය වන්නේ විනොදාස්වාදයයි .
නානුමුරය තුළ ගායනා දක්නට ලැබෙි . ඒ තුළින් ආතුරයාගේ රෝගය සඳහා ඇති බිය දුරු කරමින් ඔහුගේ මනස සාහැල්ලු කරයි . හුදෙක්ම මෙම ශාන්තිකර්මය මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් සන්නිවෙිදනය කරනු ලබයි .පළමුව නානු ගෑම සිදු වන අතර අතීත කථා පුවත කවියෙන් ඉදිරිපත් කරමින් ඇදුරා තව තවත් රිද්දි බිසවගේ චරිතය වෙස් වළා ගනියි . කාන්තාවකගේ නෙතඟ බැල්ම , ලැජ්ජාශීලි බව පෙන්නුමි කරමින් පහත ආකාරයට ගායනා දක්නට ලැබෙි .
එපුරෙහි සිරි නදන - දොළොස් දහසක් දෙවඟන බැසලා දිය කෙළින - ගඟක නේරංජනා ගමි යන
යන ගායනා දක්නට ලැබෙි . මින් අනතුරුව නානු තැටිය අතට ගෙන ඇඟිලි තුඩු වලින් නානු තවරන්නේ කෙස් කැරලි වෙන වෙනම ගෙන බෙර තාලයට අනුකූලවයි . අනතුරුව උනුනු පියනෙන් කළය ගෙන උකුලේ තබා ගෙන කාන්තාවක් විලට යන ආකාරය කාන්තාවකගේ ගමන අනුකරණය කරයි .විල මැදට ගොස් දිය පීරා බසින ආකාරය , කළයට දිය ගෙන ස්නානය කරන ආකාරය සියුමැලි ලාලිත්‍යයෙන් නිරූපණය කරයි .මෙි තුළින් සෘංගාර රසය උද්දීපනය කරයි .දෝං තහුර ගත ගුද ගත පහතරට බෙර තාලයට අනුව බඳ නලවමින් සහ ,
කන්ද මුදුන්නේ පොකුණක් තනාලා එදිය කෙළින්නට තිසරෙක් මවාලා එපිල මෙපිල මල් දෙපිලක් සැදීලා බිසවි නාති රැළි උකුලෙන් වසාලා
ගායනා වලින් හිස කෙස් සේදීම ,දත් මැදීම ,ඇඟ ඉලීම ආදිය අනුකරනාත්මකව අභිනයෙන් යුතුව ඉදිරිපත් කරයි . සබන් ගෑම සඳහා යොදා ගන්නේ කෙසෙල් බඩයකින් සාදාගත් අනුකාරකයකි .එහි සුවඳ ආඝ්‍රානය කරන ආකාරයත් අපූරු සුවඳක් අභිනයෙන් ඉදිරිපත් කරන්නේ ශෘංගාරය ඇති කරමිනි . මෙවැනි අභිනයන් ඉදිරිපත් කිරීමෙන් සන්නිවෙිදනය වන්නේ ආතුරයාගේ මනස තුළ මානසක සුවයක් ගොඩ නැගීමයි .
ඔසේම ඇග ඊලීම අවස්ථාවෙිදී කානිතාවගේ ලැජ්ජාශීලි බව හඟවමින් පිටු පසට හැරී ඇග ඊලීම අනුකරණය කරයි .අනතුරුව හිස පීරීම සඳහා කෙසෙල් පිත්තකින් සාදා නිමකරගත් පනාවෙන් හවරිය පීරමින් පසෙකට ගෙන කොණ්ඩ ගුලියක් ගසන ආකාරය අන්කරණය කරයි .පසුව කොණ්ඩ කූරු ගසා වළලු මාල කනකර දමා අලංකාර වෙයි . මෙහිදී අලංකාර මුහුණ බලා ගැනීමට කණ්නාඩියක් තිබෙි දැයි අසා කෙසෙල් බඩ වලින් සකසා ගත් කැඩපතක් භාවිතා කරයි .නමුත් එහි මැද කොටස ඉවත් කර ඉදිරිය පෙනෙන සේ සකසන ලද්දකි . මෙහිදී ඉතා විනෝදාත්මක සංවාදයක යෙදේ . ඒ තුලින් ප්‍රේක්ෂක ජනතාවට හුදෙක් හාස්‍ය ලබා ගැනීමට හැකි වෙි . එම සංවාදය මෙලෙෂ දිග ශැර පෑ හැකිය .
ගැ .වෙ .ඇ :- අනේ ගුරුන්නාන්සේ මෙි කන්නාඩියෙන් මුකුත්ම පේන්නෙ නෑනේ .
ගුරු :- හොඳට බලනවා , එතකොට පෙනෙයි .
ගැ .වෙ .ඇ :- මෙික නමි නිකන් බලන කන්නාඩියක් නෙමෙයි .අලිබලන කන්නාඩියක් .
ගැටළු කාරි මනසකින් ජීවත්වන අයද්‍යතන සමාජ මිනිසාට මෙවන් හාස්‍යක් විනෝදයක් ග්‍රහනය කර ගැනීමට හැකි වෙි නමි එය මනෝ විද්‍යාත්මක වශයෙන් ලෙඩ රෝග නිවාරනය වීමට හේතු වන බව මෙි තුලින් සන්නිවෙිදනය කරනු ලබයි .මෙි ආදි ලෙස නානුමුරය පෙළපාලි 12 ක් ඇතුළත් වෙි .ඒ තුළින් සන්නිවෙිදනය වන්නේ අභිනයෙන් උද්දීපනය වන හාස්‍ය තුළින් මනසට සුවයක් ලබා ගැනීමයි .
Subscribe to:
Post Comments (Atom)
Ela akka
ReplyDeletemata me gena thawa wisthara tikak denaganna one...canyou help me...
ReplyDelete